Wednesday, May 9, 2012

Open Competitive Examination for Grade III of The Sri Lanka Foreign Service 2012 - ශ්‍රීලංකා විදේශ සේවය විවෘත තරග විභාගය

මුලික සුදුසුකම්: 

(අ) ශ්‍රී ලංකා පුරවැසියකු විය යුතුයි.

(ආ) (i) ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් ලබා සිටිය යුතුය. නැතහොත්
(ii) ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද විදේශීය විශ්ව විද්‍යාලයකින් හෝ උපාධියක් ලබා සිටිය යුතුය. මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ලිඛිත සාක‍ෂි සම්මුඛ පරීක‍ෂණයේදී අයැදුම්කරු විසින් ඉදිරිපත් කළ යුතු වේ.

(ඇ) අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 22ට එළඹ සිටිය යුතු අතර අවුරුදු 32ට නොඑළඹ සිටිය යුතුය. රාජ්‍ය සේවයේ නිරත අයැදුම්කරුවකු වේ නම්, ඔහු/ඇය අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට වයස අවුරුදු 40ට නොඑළඹ සිටිය යුතු අතර, සතුටුදායක සේවා වාර්තාවක් ද ලබා සිටිය යුතුය.

සටහන (i) - ඉහත 6 (ඇ) ඡේදයේ ප්‍රකාශිත අරමුණ වෙනුවෙන් රාජ්‍ය සේවයේ නිරත අයැදුම්කරුවකු යනු (ආයතන සංග්‍රහයේ 1 වැනි පරිච්ඡේදයේ නිර්වචනය කොට ඇති පරිදි) අයැදුම්පත් භාර ගැනීම අවසන් කරන දිනට සේවයේ ස්ථීර කරන ලද මධ්‍යම රාජ්‍ය සේවයේ නිලධාරියකු හෝ පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියකු වේ.
සටහන (ii) - අයැදුම්පත් භාර ගැනීම අවසන් කරන දිනට පූර්වාසන්න වූ පස් අවුරුදු කාලය තුළ දී හෝ සේවයේ යෙදී සිටි කාලසීමාව ඊට අඩු නම් එම මුළු කාලසීමාවේ දී හෝ සතුටුදායක සේවා වාර්තාවක් ලබා තිබුණි නම් මිස නැත්නම් දැනට රාජ්‍ය සේවයේ නියුතු කිසිදු නිලධාරියකු මේ විභාගයට පෙනී සිටීම සඳහා යෝග්‍ය නොවනු ඇත.
සටහන (iii) - රාජ්‍ය සේවයේ නිලධාරියකු, සතුටුදායක සේවා වාර්තා ලබා ඇති සේ සලකනු ලබන්නේ ඔහු/ඇය අයැදුම්පත් භාර ගැනීම අවසන් කරන දිනට පෙරාතුව පස් අවුරුදු කාලසීමාව තුළ හෝ තත් ආයතනයේ මුළු සේවා කාලය ඊට අඩු නම් එම මුළු කාලය තුළ හෝ යෙදුණු සියලූ වැටුප් වර්ධක ද උපයාගෙන, එකී කාලසීමාව තුළ කරන ලද යම් වරදක් සම්බන්ධයෙන් (අවවාද කිරීමක් හැර) කිසිදු අන්දමක ද`ඩුවමක් නොලැබ සිටියේ නම් පමණකි.
සටහන (iv) - රාජ්‍ය සේවයේ නියුක්ත අයැදුම්කරුවන් තම අයැදුම්පත එවිය යුත්තේ තම තමන්ගේ අදාළ දෙපාර්තමේන්තු/ ආයතන ප්‍රධානීන් මගිනි.

Get a gazette for more information (වැඩි විස්තර සඳහා අදාල ගැසට් පත්‍රය බා ගත කරන්න) : http://www.dailynews.lk/2001/pix/gov_gazette12-02-10.html

Download Application form for Sinhala Medium applicants (සිංහල මාධ්‍ය අයදුම් කරුවන් සඳහා ඉල්ලුම් පත්‍රය භාගත කරගන්න
) :
Word, PDF

Application Closing Date: 2012 March 9
අයදුම්පත්‍ර ලබා ගැනීමේ අවසාන දිනය: 2012 මාර්තු 9

0 comments:

Post a Comment